2025 අප්‍රේල් මස 21 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}
මගේ විදු මව
මා කුඩා කල සිට අකුරැ කළ තැන විය
ඇය මගේ තෝතැන්නයි
ඇය තුරැලේ සිට වැඩෙමි මම
සිප්කිරි උරා බී
ජාතියට අපෙ දූවරැ තනන්නිය
මගේ විදුමව,
මා ඈ ළඟට ආ දින මෙන් ම
මතු මා ඇගේ ඇකයෙන්
මිදෙන දිනකදි
මගේ දෙනෙතට කඳුළු උනනා බව නම්
මා හට ද පසක් වී ඇත
මදාරා දිසානායක
9 ශ්‍රේණිය,
මහ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය.
![]() |
diary Read more... |