මම කැමති දේ

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:31 - {{hitsCtrl.values.hits}}  

ලෝකෙ වටේ     ඇවිදලා
නයිල් ගඟේ     පිහිනලා
ලෝකෙ උසම පිළිමෙ     දිහා
ඇස් ලොකු කර බල     බලා

ඇමසන් වෙත ගොස් මම එහි බෙහෙත්     සොයනවා
අතීතයට ගොස් මම පාරාවෝ     වෙනවා
පිරමීඩයේ ඇතුළෙ අයට නිදහස     දෙනවා
මේ සියල්ල කරන්න මම වෙහෙස     දරනවා

චීනෙ අතීතෙට ගොස් එහි මිනිසෙක්     වෙන්නම්
චීන මහා පවුර තනපු සැටි     නරඹන්නම්
බර්මියුඩා ත්‍රිකෝණයට යන්න     බලන්නම්
මම ඉන්නේ කොහිද කියා බලා     කියන්නම්

සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොළොන්නාව බාලිකා විද්‍යාලය,
කොළොන්නාව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...