2025 ජනවාරි මස 08 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}
වනගැබ අසල ඇති සුන්දර නෙළුම් විලේ
කැකුළු පියුම් ඈ දැක සොම්නසින් ලෙළේ
බුදු පුදයට යන පිවිතුරැ මල් කැකුළේ
ඇගෙ දුක් කඳුළ වෙත පිහිටක් පතනු මලේ
බුදු පුදයට ඒ මල් යාමට කලියෙන්
පැන් ඉස දොවා පිරිසුදු කරනා සැටියෙන්
රා දොස් සිතට අමදිය ඉස කුසල් සිතින්
එගොඩට යන්න තරණය කර සසර විලෙන්
මඩ දිය මතින් සිටිනා ඒ නෙළුම් පත
සමහර දිනට වැහි බිඳු හෙම වැටෙනු ඇත
එනමුත් මුළුමනින් ඒ බිඳු හැර නොයත
එලෙසින් මැකී යනු මැන නුඹ කඳුළු නෙත
උදානි ආශිංසනා හේරත්
10ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය, ගල්කිස්ස.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |