2025 මාර්තු මස 31 පෙ.ව. 08:01 - 366
සඳක් නැති ඒ පාළු රාත්‍රියක
තරැවක පාළු මකන්නට
නොහැකි වුණි දිවාපති හට
දහවලේ කෙතරම් රුඟූවත්
අමාවක පෝදා අහසේ
ඇති ගනඳුර සේ
මවක් නැති දරැවකු හට
දැනෙයි පාළුව එලෙසේ
දිවාපති සේ සරණ දුන්නද
සඳ සිසිලස නොලැබෙන්නා සේ
නොලැබෙයි මවකගේ සෙනෙහස
මවක් නැති දරැවකුගේ සිත තුළ
පවනි මලීෂා
9 ශ්‍රේණිය, බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ.
![]() |
diary Read more... |