2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:15 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් කුස තුළ මා හැදු අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පායුග වඳිමි මම ආදර අම්මේ
රැව නැතිවෙයි කියමින් දරැවට කිරි ටික නොදෙනා
මවුවරැ අතර අම්මේ ඔබ සාදුකාර ලබනා
නිවසේ බුදුන් බව බුදු හිමියන් දෙසුවා
අම්මා තමයි මගෙ දිවියේ ලොකුම කෙනා
උසි කපුටෝ උසි කියමින් බත් කැවු මගෙ අම්මා
අප වැඩුමටයි වෙහෙසුනෙ සැම දින පෙම්මා
නුඹෙ ආදරය ගුණ වී කිරි ලෙස බොම්මා
බුදු පායුග වඳිමි මම ආදර අම්මා
මෙත්ප්රිය සශ්‍රීක ජයතිස්ස ද සිල්වා
8 ශ්‍රේණිය,
ගා/ගිංතොට මහා විද්‍යාලය.
![]() |
diary Read more... |