2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:46 - {{hitsCtrl.values.hits}}
රෝස මලක පෙති වාගෙයි ආදර මගෙ අම්මා
මට සැමදා ඔවදන් දී හොඳ ළමයෙක් කෙරැවා
දුටු තැන වරදට දඬුවම් දී නිවැරදි කෙරැවා
සැමදා මම වඳිමි ඔබේ පා යුග මගෙ අම්මා
ලොවට උතුම් රැවනකි ඔබ ගෙදර බබළවම්මා
අපට පිහිට වෙත් නිතරම දෙවියකු විලසින්මා
ලොවට පායනා ඉර නම් ඔබ ම තමයි අම්මා
සැමදා ඉමි සංසාරේ ඔබ තුරැලේ අම්මා
ගල් රළු උණුසුම්ව ඇත්තේ දිවාකලේ
මේවා සිසිල් වේ මොහොතින් සැන්දෑවේ
ඒ ලෙසමයි ඔබත් මට ජීවිත කාලේ
මගෙ දුක නිවාලනු මැන මුළු සංසාරේ
තරැෂ් දම්සර
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය.
![]() |
diary Read more... |