මවුනි දයාබර

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:35 - {{hitsCtrl.values.hits}}  

සියුමැලි මල් පෙත්තක අත ගැටෙන විට
අම්මේ මතක් කරමි ඔය දෑතේ පහස
හෙමිහිට නැහැයට ළං කර විඳිමින් සුවඳ
සිහි කරමි ඔබේ ආදර හාදුවේ රස

දෙසවන් තුළ රුව්දෙනවා පුතේ කියන  හඬ අම්මේ
හිත තුළ කැකෑරෙන මේ දුක කොහොමද ඉවසන්නේ
ඉකියක් ගසා හඬන්නත් දැන් වැර නෑ අම්මේ
දෙවියනි ඇයි ඔවුන් මේලෙස අප සිත් පාරන්නේ

හිතේ කඳුළු සඟවාගෙන අත මිට මොළවාගෙන
තාත්තා විඳින දුක දකිනවා හැම රූම
අනේ අම්මෙ හිත වාවන්නෙ ම නෑනේ
හීනෙන්වත් ඇවිත් මා තුරැලට ගන්නව ද?

සෙව්මිණි නයනාංජලී
12 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය,
කොළඹ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...