මවුනි පියාණෙනි

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:26 - {{hitsCtrl.values.hits}}  


සැදෑ අඳුර දුරලන මිණි පහන       නුඹයි
උදෑසනට පායන හිරැ මඬල          නුඹයි
ඉඩෝරයට ඇද හැලෙනා වැස්ස     නුඹයි
මගේ පළමු අඩිතාලම වුණේ            නුඹයි

ඉගෙනුම නැමැති මහ සයුරේ පතුල     වෙලා
කිමිදෙනු කියා නිරතුරැ අතහිත            දීලා
ශිල්පය නමැති කිරි අපහට නිති        පොවලා
නුඹේ දිරියෙන් බාධක කඩඉම්             පැනලා

අ යනු ආ යන්න මගේ මුල හැදුවේ           නුඹ
අමතක වෙන්න නෑ කිසිදිනක මවුපියනි     නුඹ
පුංචි කාලේ මට ළංවුණේ ගොඩක්            නුඹ
මතු බුදු වේවා....! මවුපියනි                      නුඹ

ඒ.එම්.අමාලි ප්‍රබුද්ධිකා
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...