2025 අප්‍රේල් මස 21 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
දස මස මා කුසෙහි දරා දුක් ඉසිලූ අම්මා
ලේ කිරි කර මට පොවලා මා හැදු මගෙ අම්මා
පුතේ කියා හිස අත ගා සෙනෙහස පෑ අම්මා
රජ සැපතට වඩා උතුම් ඔබෙ සෙනෙහස අම්මා
යහගුණ දම් කියා දිදී හොඳ මග යැවු අම්මා
හොඳ නොහොඳත් මා උගත්තෙ ඔබෙගෙනි මගෙ අම්මා
දුක් ගින්දර උසුලාගෙන නිවන් දකින් අම්මා
සංසාරේ මතු දිනයක නිවන් දකින් අම්මා
මා සුළු සුළු වරදි කළ ද සමාව දුන් අම්මා
මට ලෙඩ දුක් ඇති වූ විට නිදි වැරැ මගෙ අම්මා
අත අල්ලා පාසල වෙතමා ඇරලූ මගේ අම්මා
ඉපදෙන මතු සංසාරේ ඔබයි මගේ අම්මා
බිහඳු රන්මික ද සිල්වා
9 ශ්‍රේණිය,
රාජකීය විද්‍යාලය, කොළඹ.
![]() |
diary Read more... |