2025 මැයි මස 04 ප.ව. 07:03 - 120
දස මස කුස දරා
ලේ කිරි කර පෙරා පෙරා
රස කර මට පෙවුවා නුඹ
මගෙ සුරතල් පුතා කියා
ගෙදරින් දුරකට ගිහිල්ලා
වෙහෙස වෙලා වැඩ කරලා
හැම සතයම වැය කළේ
දරැවන් ගැන ඔහු සිතලා
මා හඬනා විට අම්මගෙ
නෙත්වලටත් කඳුළු ඉනුවා
ඒ තරම්ම ආදරයක්
අප ගැන ඔබ හට තිබ්බා
නිම කරන්න බෑ කියා
මවුපිය සෙනෙහස සදා
මවුපියන්ගෙ සෙනෙහස
වාගෙයි මහ සමුදුර
සෞම්‍යා සෙව්මිණි
9 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය හා විද්‍යාලය,
වඳුරඹ.
![]() |
diary Read more... |