2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:45 - {{hitsCtrl.values.hits}}
දස මසක් කුස තුළ දැරැවෙත්
ලෙඩ දුකේදි මා අසල ම සිටියෙත්
මා උස්මහත් කිරීමට වෙහෙස වුණෙත්
මවුපිය දෙපළයි සදා ඉතින් අපෙත්
බාල කාලේ සිට ඔවදන් දෙනවා
යහ ගුණදම් මට පුරැදු කරනවා
නැණ පහනින් බබළන්නට මඟ පෙන්වා
ඔබ දෙපළගේ පා යුග මම වඳිනවා
බාධක ජය ගන්නට හුරැ කරලා
වරදෙදි සැර වී දඬුවම් දීලා
නැති බැරිකම් හංගාගෙන ඉඳලා
ජීවත් වන්නට මග සාදා දීලා
ඉමාෂා සෙව්වන්දි
9 ශ්‍රේණිය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය,
පිළියන්දල.
![]() |
diary Read more... |