2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:45 - {{hitsCtrl.values.hits}}
දස මාසයක් කුස දරා මා හැදුවාට
කුස පුරවන්න අනන්ත දුක් වින්දාට
ඒ හැමදේට ඔබ දෙපළට තුති වෙන්ට
කවි ගී ලියමි මගේම ණය පුරවන්ට
කුසට අහරක් නොලැබ මා ඇතිදැඩි කළ අම්මේ
මගෙ කුස පිරෙව්වාම ඔබේ කුසගිනි නිවෙනවද අම්මේ
මේ ණය ගෙවන්නේ මම කොහොමද අම්මේ
මතු සංසාර භවයේ ඔබ බුදු වේවා අම්මේ
ලේ කිරිකර පොවා මා හැදුවත් අම්මේ
කුස පුරවන්න අනන්ත දුක් වින්දේ අම්මේ
අපේ අප හට රුකවරණය වෙන්නේ
ඔබේ පා යුග වඳින්නෙමි ආදර පියාණනේ
ඩබ්ලියු.ඒ.නිම්සරා සිතුමිණී
10 වැනි ශ්‍රේණිය,
මහ/ගම්/දොළුව මහා විද්‍යාලය,
දොළුව.
![]() |
diary Read more... |