2025 අප්‍රේල් මස 21 ප.ව. 10:09 - {{hitsCtrl.values.hits}}
උකුළේ තියලා නැළවූ අම්මා
යහගුණදම් කියලා දුන් අම්මා
සැමටම කරැණාවන්තයි අම්මා
මතු බුදු වෙයි මගෙ ආදර අම්මා
නැළවිලි ගී කියලා දුන් අම්මා
වැටුණු විටදි මට අතදුන් අම්මා
හැමදා මට උණුසුම දුන් අම්මා
මගේ පණයි මගෙ ආදර අම්මා
අකුරැ කරන්නට අත දුන් අම්මා
පෙවූ කිරිවල රස මතකයි අම්මා
මේ භවයෙදි ඔබ මගේ ම අම්මා
මතු සසරෙත් ඔබ වේ මගෙ අම්මා
අමොද් රශ්මික
8 ශ්‍රේණිය,
බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය.
![]() |
diary Read more... |