2025 අප්‍රේල් මස 19 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}
පොඩි කාලේ ඔබ තුරැලේ
උණුසුම සොයමින් සිටියා
ඔබ තුරැලට මා ආදා
ඔබෙ සෙනෙහස දැනුණා
ඔබෙ සෙනෙහසිනි හදවත් තැනුණේ
ඒ හදවතිනි ලෝකය තැනුණේ
ඔබෙ දිරියෙනි විරැවන් තැනුනේ
ඒ විරැවන් රට ජාතිය රුක්කේ
ඔබ හදවත උණුවන හන්දා
හදවත උණුවන්නන් ඉපදුණි
හදවත උණුවන්නන් හන්දා
මුළු ලොව සෙනෙහසින් බැඳුණි
ගයරැ රවිහංස
මීගමුව.
![]() |
diary Read more... |