2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:10 - {{hitsCtrl.values.hits}}
තිලොවග වූ තිලක හිමිගෙ පහසින් පිදුම් ලද
සුමන සමන් දෙව් රජු සෑ රදුන් කරන ලද
දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස පුදන ලද
මහියංගන සෑ පුදබිම වැන්දයි මහ ජන
යක් දෙස්සෝ ගිරි දිවයින වෙත පලවා හැර
ශ්‍රී ලක් දීපය රුක්කයි අප මහ බුදු රජ
කේශධාතු තැන්පත් කර ඉදි කළ දා ගැබ
මහියංගන සෑ පුදබිම වැන්දයි මහ ජන
සම්මා සම්බුදු ධර්මය සදා රුඳෙන තැන
ලක්දීපය හැඳින්වුවයි අප මහ බුදු රජ
තෙවරක් සිරිලක් දීපය ප්‍රදක්ෂිණා කොට
මහියංගන පුද බිමෙ සිට දහම් දෙසූ සඳ
අමන්දා ප්‍රසාදි
11 ශ්‍රේණිය,
දප /ඇල්ක/ගා/ ගණේගොඩ මහා විද්‍යාලය,
ගණේගොඩ.
![]() |
diary Read more... |