2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:38 - {{hitsCtrl.values.hits}}
කළු පාටට වලාකුළක් අහසෙ පෙනෙන්නේ
පොඩි ගෙම්බෝ කෑගසමින් පැන පැන යන්නේ
වලාකුළක් ඉරමාමව ගිලලා දාන්නේ
පරිසරයම මහ වැස්සක ලකුණු කියන්නේ
මඳ සුළඟත් සුළි සුළඟක් වෙලා හමන්නේ
ගස්වැල් හැම බිමදාගෙන කඩා පනින්නේ
මහ අහසින් මහ සද්දෙට හඩක් ඇසෙන්නේ
අකුණු වැදී ගස්වැල් හැම බිමට වැටෙන්නේ
කෙමෙන් කෙමෙන් ගඟේ වතුර වැඩි වී යන්නේ
ගඟේ වතුර පිටට ඇවිත් ගලා බසින්නේ
දෙගොඩතළා මහ සද්දෙන් ගලා බසින්නේ
ගංවතුරට පරිසරයම විනාස වන්නේ
පසිඳු අධිකාරි
8 ශ්‍රේණිය,
ර/ඇ/ධර්මපාල මහා විද්‍යාලය,
ඇහැළියගොඩ.
![]() |
diary Read more... |