මහ සයුර

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:38 - {{hitsCtrl.values.hits}}  

සැමදා සැමවිට චලනය වන්නේ     මමයි
අහසක් බඳු නිල් තලාවක් ඇත්තේ     මටයි
මාගෙන් සැමදා සැම ප්‍රයෝජන     ලබයි
මා  සාදා පවුරක් මෙන් ඔබ වටා     සිටියි

පෘථිවි රාජයාගෙන් අඩකට වඩා මා සතුව     ඇතෙයි
මා හා ජීවීන් සිටින්නේ මා ඔවුන් හා සුහද     නිසයි
ඒත් මා ඔවුනට කලකට අයහපත ද     ලෙසයි
එහෙත් සැමදෙන සිටින්නේ මා සිටින     නිසයි

මෙසේ කීවත් මා ද කෙදිනක හෝ නැසී     යයි
එනිසාවෙන් සැමදා මා ඔබ හා     සිටියි
එබ සැමදා මා රකී නම් මා ද ඔබ සැමදා     රකියි
මෙසේ කියන මා මහ සයුර ව එය     දකියි

චතුමිණි චමෝද්‍යා කුමාරසිරි
8 ශ්‍රේණිය,
ඥානෝදය මහා විද්‍යාලය, කළුතර.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...