මිතුදම වෙන්වීලා

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

අතීතයෙදි අත්වැල් බැඳ සිටි කාලෙ
අමතක වී වෙනතක යයි අද කාලෙ
කාලය සමග වෙනස් වෙලා හද ඉවුරේ
මිතුදම අතරමග නැවතී සුසුම් විලේ

එකට හිටපු අය වෙන් වෙන් පන්ති වෙලා
සතුටින් විහිළු කර සිටි අය වෙන්වීලා
යහමඟ යමින් සිටි මිතුදම පරණ වෙලා
වෙනස් පන්තියකට දැන් අප මාරැ වෙලා

පන්ති තුනකි එක පන්තිය කැඩිල ගිහින්
ගොඩක් තිබූ සතුට අපේ නැතිය ඉතින්
සුසුම් හෙළනවා සුමිතුරැදම් යහමින්
දිවි ඇතිතුරා අපෙ මිතුදම රකිමු නිතින්

අහිංසා නෙත්මිණි
10 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...