2025 අප්‍රේල් මස 19 ප.ව. 09:13 - {{hitsCtrl.values.hits}}
ගජමුතු තිබුණ මුත් ගජ සෙන් රැදුරැ වෙති
මිණිමුතු තිබුණමුත් සයුරත් කුරිරැ වෙති
මුදලින් සපිරි මුත් මිනිසුන් නපුරැ වෙති
මිතුදම් රකින මිතුරෝ යස ඉසුරැ වෙති
මහවැසි අතර එක කුඩයේ යන වේලේ
කුසගින්නේ එක බත්පත කෑ වේලේ
එක පන්හිඳෙන් ගී සිත්තම් නැගු වේලේ
දැනුණි ද සුවඳ මිතුදම් පවසන වේලේ
සොයුරැ පියාදර පෙම් බැඳි මුතු මාලේ
සේ සුදිලෙන මිතුදම් රුඳි අප බාලේ
පැවති කඳුළු මුතු කැට වූ මිතුරැ බලේ
සැමදා පවතින්න මියෙනා තුරැ කාලේ
මනේෂ් ලක්මාල්
9 ශ්‍රේණිය,
ක/විද්‍යාරාම විද්‍යායතන පිරිවෙන, මීගහතැන්න.
![]() |
diary Read more... |