මුහුදු වෙරළ

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:09 - {{hitsCtrl.values.hits}}  

අහස උස දියරුලි නගා ඒ නගන දියරුලිවල         එතේ
සුනුවිසුනු කරනට සියලු දෙය පරම බලයකි ඔහු    අතේ
කොච්චරක් ලස්සනට පෙනුණද තෙතමනය නැත     හදවතේ
මහ හඬින් වෙරළට එමින් වැලි කැට ගණන් අරගෙන     යතේ

වෙරළෙ අයිතිය මුහුදු රළ උදුරගන්නෙ මොන හිතකින්     මෙසේ
වෙරළ නිහඬව නොකර පැමිණිලි බලයි තව අසරණ     ලෙසේ
අහිමි වැලි කැට නැවත නොඑන්න පතුලෙ ඇත සිතනුද     කෙසේ
බැරිව වාවනු ශෝකයෙන් ඉකිබිඳින හඬ තවමත්     ඇසේ

ටිෂානි චන්ද්‍රසේකර
10 ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය, කෑගල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...