2025 මාර්තු මස 30 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}
කිරි පෙන පිඩු විසුල වෙරළ මත
මල් වගේ විසිර යයි සිප්පි කටු
ගල්පර මත වැදී සසල වූ දියරුළි
සිප ගනියි දිව ඇවිත් පා යුග
කිරි පාට පෙන බුබුළක සැඟව
යන්නට සිතුණි මට ඈත දියඹට
මගේ නෙත්වලට පෙනුණු ලස්සන
ඇත්තටම නැති බව දනිමි දැන් මම
පුංචි කාලෙදි අම්මා මා නලවපු
මුහුදු පුත්තු නාටකයේ ගීයක සේ
පෙන බුබුළක ආවෙමියි සිතූ හැටි
එහෙම නොවන බව දනිමි දැන් මම
තිසර සදෙව් රත්නායක
7 ශ්‍රේණිය,
කුලි/මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |