2025 පෙබරවාරි මස 23 පෙ.ව. 04:50 - {{hitsCtrl.values.hits}}
හිමිදිරි පාන්දර ඇය නිති පිබිදෙන්නේ
මැදියම් රුය ද පසුවන තුරැ වෙහෙසෙන්නේ
බත් වේලට බැල මෙහෙවර කරමින්නේ
දිවියේ කටුක බව නිරතුරැ විඳිමින්නේ
මවුපියන් සිටින්නේ කොහිදැයි නොම දන්නේ
සුදුමැලි මුහුණේ කඳුළැලි වැගිරෙන්නේ
සියුමැලි දෑත නිති රත්පැහැ ගැන්වෙන්නේ
දුක් සුසුමන් පමණකි තනියට ඉන්නේ
කිලිටි ඇඳිවතේ ඩාබිඳු වැගිරෙන්නේ
වේලක් කමින් තව වේලක් කුසගින්නේ
මඳ ඉසිඹුවක්වත් නැහැ ඇය ලැබගන්නේ
සතුටින් සිටින්නට කිසි වරමක් නැත්තේ
ඉඳුවරි පබාරා
7 ශ්‍රේණිය,
ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10.
![]() |
diary Read more... |