ම ම ර ජෙ ක් න ම්

2025 අප්‍රේල් මස 21 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}  

රජ වී ඔටුනු     පැලඳගන්නෙමි
යුද ශිල්ප මම ප්‍රගුණ     කරන්නෙමි
තව තවත් රට දියුණු     කරන්නෙමි
රට වටා ගොස් සතුටු     වෙන්නෙමි

මවුපියන් රුකබලා     ගන්නෙමි
දැහැමි නිරිඳකු ලෙස     සිටින්නෙමි
රටවැසියන්ගේ දුක සැප     බලන්නෙමි
සියලු දනන්හට සෙවණක්     වන්නෙමි

මාලිගාවක් සදා     ගන්නෙමි
මුතු මැණික් ගබඩා     කරන්නෙමි
කැටයමින් එය හැඩ     කරන්නෙමි
සිහසුනේ හිඳ ගෙන     සිටින්නෙමි

සදේශ් මනුතජ
5 ශ්‍රේණිය,
දෙකටන ප්‍රාථමික විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...