2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:47 - {{hitsCtrl.values.hits}}
අලුත් පාසලේ අලුත් පන්තියේ
ගැහේ හදවත සෙමින්
පුංචි කොණකට වෙලා තැවුණේ
පුරැදු යාළුවො දුර ගිහින්
පිට්ටනියේ සෙල්ලම් කරන්නට
එකට ඉඳගෙන ඉගෙන ගන්නට
කටින් කට බත් බෙදා ගන්නට
පුරැදු යෙහෙළියෝ නෑ යළිත්
ඉතිං කොහොමද කියා අසමින්
ඔබ ඇවිත් මගෙ ළඟින් හිඳිමින්
අලුත් පිටුවක් පෙරළුවා සකි
විහඟියේ නුඹ හිනැහෙමින්
සතුටු හසරුල් කඳුළු පිරිනෙත්
නොඅඩුව ම රැඳි ජීවිතේ
නොහැර මා අත් නොබිඳ මිතුදම්
උන්නු යෙහෙළිය නුඹ වුණේ
යසුරි හසාරා
11 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය,
ගාල්ල.
![]() |
diary Read more... |