2025 ජනවාරි මස 08 පෙ.ව. 08:40 - {{hitsCtrl.values.hits}}
මීදුම් සළු පටලයකින් වැසුණු විට
දසුනකි මනහර බලනට කැමතිවෙන
අඹර සිඹින මේ කඳු සිරස නිතියෙන
ලක්මව් රකින පවුරක් සේ පෙනෙනු ඇත
සුදු පෙණ නග නගා යන ලීලාව අගේ
හෝ හෝ රාවේ පැතිරී ගොස් දසත ඇසේ
බාධක මැදින් නොසැලී යන ගමන අගේ
සමුදුර බලා යන්නෙද ගං කොමළියනේ
ගංගා කඳු පන්ති දියඇලි පමණක් ද
සියොතුන් සහ සිවුපාවුන් රුසක් ඇත
සතුරැ නොවී පරිසරයට මිතුර අපි
රකිමු අපේ සම්පත වේ සොබාදම
ධරණි චතුරාර්යා
9 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |