රත්තරන් මවුපියෝ

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  

දස මසක් කුස දරා සිට මා ලොවට බිහි කළ මගේ     අම්මා
සෙනෙහෙ වැඩියෙන් දුන් හන්දා ජිවිතේ මගෙ     එළිවුණා
දහදිය කඳුළැල්    පොළොවට හෙළලා හැකි පමණින් මට සැප     දුන්නා
ඉපදුණු දවසේ ලෝකෙට මේ මං ඔබෙ දෑතින් මා     අරගත්තා

කුසගිනි අපහට කිසිදින නොදී ඇස් දෙක මෙන් අප     රුකගත්තා
ඔබලට ඇති මේ ණය පියවන්නට මටනම් සසර ම මදි     අම්මා
වෙහෙසට පත්වී ගෙදර ඇවිල්ලා දෑතින් සිප මා ළඟට     වෙලා 
පාඩම් සියල්ල කියලා දුන්නේ ආදරයේ අර්ථය      පහදා

තීක්ෂණ මනෝද්‍ය
8 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල ජාතික පාසල, පින්නවල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...