රාජා හස්තියා

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}  

සිරිලක ගෞරවය රුකගත්     ඇතා
ඇත් පරපුරේ තේජස රුගත්     සතා
මහනුවරටයි ඔහු යන්නේ කතර     ගෙවා
ඔහු කරනා පිනටයි අපි අපි වැන්දෙ මෙදා

සද්දන්ත කුලයේ මහ රාජා     ඔහු ය
කරැණාබර දෙඇස් රන් පියුමක්     වැනි ය
කරඬුව ඔසොවන්නේ හරි     සතුටින් ය
නැදුන්ගමුවෙ හස්ති රාජයා     ඔබ ය

බයක් නැතිව හෙමිහිට පා     තබන්නේ
වැටෙන්නට නොදි පණ සේ     රකින්නේ
පෙරහැර නැති දාට පාළුව     දැනෙන්නේ
රාජාගේ ගුණ වරැණයි     කියන්නේ

විතාරණ සරිඳු මතීෂ ද සිල්වා
7 වැනි ශ්‍රේණිය,
ගා/ධර්මාලෝක මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...