2025 අප්‍රේල් මස 21 ප.ව. 10:22 - {{hitsCtrl.values.hits}}
සඳු කුමරා අහස උඩින් මතු වී එන්නේ
පුංචි පුංචි තරැ කැට සඳ වට කැරකෙන්නේ
පුංචි අපිත් මිදුලට බැස එදෙස බලන්නේ
රාත්‍රියක අසිරිය මේ දසුනෙ පෙනෙන්නේ
චූටි බටිත්තන් ගස් උඩ නිදා වැටෙන්නේ
වවුලන් ගස් උඩ සැතපී අවදිවෙමින්නේ
කණාමැදිරි රූ බදුල්ලො එළි විහිදන්නේ
රාත්‍රියක අසිරිය මගෙ හිතට දැනෙන්නේ
සඳේ රුස් වැටී මුළු ලොව එළිය කරන්නේ
පන්සල් යන මිනිසුන් හට පාර කියන්නේ
සේපාලික මල් පිපිලා සුවඳ හමන්නේ
රාත්‍රියට මේ දසුනේ අසිරි පෙනෙන්නේ
කුලනි නවෝද්‍යා තත්සරණි
7 ශ්‍රේණිය,
ගා/ මානවිල උපනන්ද ජාතික පාසල.
![]() |
diary Read more... |