2025 අප්‍රේල් මස 20 ප.ව. 02:31 - {{hitsCtrl.values.hits}}
රාත්‍රියට අහස පුරා තරැ දිළිසෙනවා
හඳ මාමා වලාකුළෙන් එබී බලනවා
මා වවුලෝ අහස පුරා ඉගිළී යනවා
මගේ සිතේ සතුට තවත් ඉතිරී යනවා
අහස වටා ගුවන් යාන ගමන් කරනවා
ඒ එළියෙන් ආකාසේ අඳුර මැකෙනවා
පුංචි ළමයි එය දැකලා සතුට ලබනවා
රාත්‍රියට පරිසරයම එළිය කරනවා
රතු නිල් කහ කොළපාටින් තරැ දිලිසෙනවා
සඳ එළියෙන් පරිසරයම දිස්නය දෙනවා
සුළං හමා වටපිටාව සිසිල් කරනවා
පුංචි අපේ ගතට සිතට සතුට දැනෙනවා
සඳුනි හිමාෂා
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |