2025 මැයි මස 02 පෙ.ව. 05:17 - 574
පුංචි තාරැකා අහසේ නටන්නේ
හඳට යටින් තවත් හඳක් තිබෙන්නේ
ඇඟ සිපගෙන සීත සුළං හමන්නේ
ගස්වල කොළ ඒ මේ අත වැනෙන්නේ
මා වවුලෝ රූ අහසේ පියඹන්නේ
බකමූණෝ ගස්වල අතු උඩ ඉන්නේ
සේපාලික මලින් සුවඳ හමන්නේ
මේ ඔක්කොම ගඟ ළඟ සිරි විඳින්නේ
ඔසංකා
7 ශ්‍රේණිය,
කෑ/පින්නවල ජාතික පාසල, රඹුක්කන.
![]() |
diary Read more... |