2025 ජනවාරි මස 09 ප.ව. 03:44 - {{hitsCtrl.values.hits}}
රුහැයියන්ගෙ නැළවිලි හඬ
උලලේනුන් ගයනා පද
ගළප ගළප නිසල රුයක
මා පියමැන්නේ හේනට
සඳ වටකර ගීත ගයන
පුංචි තරැත් හිනැහීගෙන
මා දෙස බැලුවේ ඉඳහිට
සේපාලිකා වැට අද්දර
කඩුපුල් මල් පාර දිගට
සුවඳ දිදී ගම වටේට
සිටියානේ මගෙ තනියට
සිසිල් සුළඟ ගත වටේට
දැවටි දැවටි ආදරේට
මිමිණුව රහසක් රුය ගැන
ඉරිඟු කරල් ඒ මේ අත
සිලි සිලි ගා හඬ නගමින
සන්තෝසෙන් උඩ පැන පැන
හිස නැමුවා මා එනවිට
අනුත්තරා විදර්ශනී
12 ශ්‍රේණිය,
මයුරපාද මධ්‍ය විද්‍යාලය,
නාරම්මල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |