රාත්‍රි අහස

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:49 - {{hitsCtrl.values.hits}}  

සයුරට ගිලෙනා හිරැ මහ සිතිජය     මැද්දේ
සඳ සාවිය රූ අහසේ අයිතිය     ලද්දේ
තරැ පොකුරැත් ඒ අතරින් හෙමිහිට     පැද්දේ
සැණකෙළියක් වැනි අහසට යන්නට     සිත් දේ

හිරැ බැස  ගිය මේ  අහසට තනිකම     නැද්දෝ
ඒ තනිකම මැකුවේ අර සඳ සාවිය     දෝ
තරැ කැට ආකාසේ බබළන්නෙ     කුමටදෝ
අපගේ සිත ප්‍රබෝධයෙන් පුරවන්නට     දෝ

සිතට සැනසුමක් ලැබදෙන මොහොතක්     වන්නේ
නෙතට විඩාවක් නොගෙනෙන දසුනක්     වන්නේ
මුවට සිනාවක් හැඟෙනා අසිරිය     දෙන්නේ
රාත්‍රියේ අහසේ පිපෙනා සඳ     තරැනේ

චමුදි නීෂා හෙට්ටිආරච්චි
10 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය, ලබුදූව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...