2025 අප්‍රේල් මස 21 ප.ව. 10:28 - {{hitsCtrl.values.hits}}
රාමා ඇවිදින් රාමා ඇවිදින් වානර රුළ ඇවිදින්
සමුදුර පෙරළන් ගල්මුල් උසුලන් ඇවිදින් මා සොයමින්
මම සීතා වෙම් ලංකාපුරයේ සිර දඬුවම් විඳිමින්
මා මෙහි සිටීම සිර වී විසීම රාමාටලු අවමන්
සේනා අවිගත්ත දහසක් අසිපත් සතු රාමා බලවත්
විරැවන් සමගින් මරැවත් ඇවිදින් ඔහු නෑ දැන් තැන්පත්
රාමා ඔබටත් ඔබගේ හිතටත් පැවරී ඇත වරදක්
අසිපත් අතගත් ගිනිගත් හදවත් නවතනු නුඹ දැන්වත්
බිඳලා සියපත් නුඹ පීඩාදුන් රාවණාගෙ නංගිත්
ප්‍රේමෙන් රුවටූ ඔබේ ප්‍රියාවිය සීතා ලෙසින් මමත්
සැබෑ නුඹේ තතු ලෝකය හමුවේ අද පැවසුවේ නැතත්
ඔබේ වරද නැති රාමායනයට වෛර කරමි අදටත්
නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය,
කිරිමැටියාගාර, කඩවත.
![]() |
diary Read more... |