2025 ජනවාරි මස 09 පෙ.ව. 01:24 - {{hitsCtrl.values.hits}}
වවුලො බස්සො තරගෙට මෙන් නාද දෙති
පුංචි ළමෝ මවු තුරැලේ නැළවෙති
රූ බදුල්ලෝ පෙරහැරේ ගමන් යති
රුහැයියෝ තනියම වාගේ ගී ගයති
පිනිකැට සල සලා සුරඟනක් ගියා
මිහිදුම් සළුව ඒ අතරින් ඇදී ගියා
ගොළු කර ලොව ම තද අඳුරින් වැසී ගියා
මදනල විත් කිසුම් සුවඳ රුගෙන ගියා
කොඳ මල් කැකුළු විල අද්දර හිනැහෙනවා
අහස් ගැබේ මිණි සේ තරැ බැබළෙනවා
වවුල් රූන් ආකාසේ පියඹනවා
සුළං රොද හමා ගස්වැල් නළවනවා
ශාෂිතා රවිහාරි ජයරත්න
10 ශ්‍රේණිය,
මා/රජයේ විද්‍යා විදයාලය,
මාතලේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |