රැල්ලේ අරුත

2025 ජනවාරි මස 09 ප.ව. 03:22 - {{hitsCtrl.values.hits}}  

පෙණ පිඬු නංවමින් හනිකෙට නැගෙන     රුළ
ගුවනට නොදෙවෙනිව පානා රුඟුම්     රළ
සංකර නොවී කාවත් පිනවනා     රුළ
පානා අරැත කිමදැයි මේ මුහුදු     රළ

හසරුල් සුළං රුල් සමගින් නගන     රුළ
විදහයි සැගුණු මහ සයුරෙහි රහස්     කැළ
නිම්නැති චමත්කාර සුපසන් රුඟුම්     පෙළ
කිමදෝ අරැත රඟනා මහිමෙ මුහුදු     රළ

පතුරා බල මහිමය සැණෙකින් වෙරළ     දිග
වැදෙමින් වැල්ලෙ සිටිනා දණ දෙපා     වල
දොම්නස මකා සොම්නස උපදා     මෙලොව
පෙන්වයි සතුට රුඳි තැන මේ මුහුදු     රළ
කණිෂ්ක සම්පත්
10 වැනි ශ්‍රේණිය,
බප/ගම් ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...