රුසිරු වනසිරි

2025 ජනවාරි මස 10 පෙ.ව. 01:56 - {{hitsCtrl.values.hits}}  

හරිත වර්ණයෙන් වන මව     හිනැහෙන්නේ
මිල කළ නොහැකි සිසිලක් අපහට     දෙන්නේ
මනහර දියඇල්ල සුදු සේලෙට     සමවන්නේ
ගං කොමළියයි වනයට අසිරිය     දෙන්නේ

සියොතුන් කැලක් ගීයෙන් කන්     පිනවන්නේ
මොනරැන් පෙළක් පිල් විදහා     නටමින්නේ
වඳුරෝ රුළකන් අතු අතරින්     පනිමින්නේ
කොටියාගෙ ගෙරවිල්ල නිසසල බව     බිඳින්නේ

වන මල් පිපී වනයට සිරි ගෙන     දෙන්නේ
ඔසු වැල් රුසක් තුරැ හිස් මත     හිනැහෙන්නේ
මිහි මව රුක ගැනුම වනයට     පැවරෙන්නේ
වන සම්පත සුරුකුම යුතුකම     වන්නේ

කිත්මි වික්‍රමආරච්චි
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...