ලංකා ලංකා

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}  

නිල් කරදිය වළල්ලෙන් වට වූ බිමය
සරැ කෙත් වතුවලින් සපිරැණු රටය
මුතු ඇටයක් ලෙස දිදුලන බිමය
මගෙ ලක් මෑණියන් හරි පින්බරය

තේ පොල් රබර් මෙම බිමෙහි වැඩේ
රන් මුතු රිදී පොළොවේ ගර්භයෙහි වැඩේ
අලි ඇත් පවා මේ ලක් පින් බිමෙහි වෙසේ
රට දිදුලන්ට  දියඇලි සැම  ඇද හැලේ

රටේ සිරිය කියවා නිම කළ නොහැක
ඇළ දොළ පවා ඒ සිරියේ කොටසක් ය
පේරාදෙණිය මල් වතු හැම ලස්සනය
ශ්‍රී ලංකා මාතා නිති දිදුලන්න

මලීෂා කුමාරි හඳගම
8 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...