2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:42 - {{hitsCtrl.values.hits}}
දිය දහරා ගලා හැලෙන ගිරි කුළු පව්වෙන් වටවුණ
මහා සයුර පවා පරදන දිව්‍ය ලොවකි මේ පින්බිම
හිමිදිරියේ වන අරණේ නැළවෙන මල් ගොමු මැද්දේ
සවන් පිනන සංගීතේ ඇත ලංකා යන නාමේ
අපා දෙපා සිවුපාවෝ ලක් මවුගේ සේනාවෝ
රටට වෙනා විනාශයේ සැමදා ජයගෙන ඇත්තේ
වගා කරන වෙල් කුඹුරේ වතුර ඇතේ වැව් අමුණේ
දෙවියන්ගේ ආසිරි මැද වරදින්නෑ අස්වැන්නේ
උදෑසනම හිරැ ඔබ මට රාත්‍රියට සඳු ඔබ මට
ඔවදන් දුන් ගුරැ ඔබ මට රකිනෙමි ලක් මවු මගෙ රට
ධනංජනා රැචිරානි තෙන්නකෝන්
9 ශ්‍රේණිය,
අ/කැකිරාව මධ්‍ය විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |