2025 ජනවාරි මස 09 පෙ.ව. 01:30 - {{hitsCtrl.values.hits}}
සොබාදහම් මාතාවගේ උරැමය වන්නේ
ගස්වැල් නව ජීවය මුළු ලොවට බෙදන්නේ
හරිත වර්ණයෙන් මුළු ලොව ලස්සන වන්නේ
පිරිසිදු වාතය ගස්වැල් සපයා දෙන්නේ
ශ්වසනය වෙනුවෙන් අපහට වායුව දෙන්නේ
වනන්තරේ දිය ඇලි වනයම සරසන්නේ
වන සතුන්ගේ රාවය මුළු දෙස විහිදෙන්නේ
අතු ඉති මත කුරැලු රංචු ගීත ගයන්නේ
වන සතුන්ගේ හැසිරීමෙන් වනය ලස්සනයි
දිය ඇලිවල මිහිරි හඬත් හරිම ලස්සනයි
ගස් වැල් වනයම ලස්සන කරන හැටි අගෙයි
වනයක අසිරිය මින් පෙනෙනවා මට හැඩයි
මතීෂා චේතනී බිසරි
7 ශ්‍රේණිය,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |