වනයක අසිරිය

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:40 - {{hitsCtrl.values.hits}}  

කඳු පාමුල ගස් අතරේ
ඉර මාමාගේ රුස් බැබළේ
මිහිරි කුරැලු නාද ඇසේ
පරිසරය ම එළිය ගෙනේ

පාට පාට මල් පිපේ
ඒ මල් හැම සුවඳ දේ
ගස්වැල් හිමිහිට  වැනේ
අපට සිසිල ලැබ දෙතේ

මහ ගංගා ගලා ඒ
ඒකෙන් දිය ඇලි සැදේ
සුන්දර මේ පරිසරේ
පුංචි අපට මිහිර දේ

ගිම්හානි කුමාරි
9 ශ්‍රේණිය,
කෑ/මාව/ මොළගොඩ ජයපාල මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...