වනය සුරකිමු

2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:46 - {{hitsCtrl.values.hits}}  

වනය අපේ ජීවිතය සැමදා රුක     දෙන්නේ
දහසක් ප්‍රයෝජන අපහට ලැබ     දෙන්නේ
හරිත වර්ණයෙන් මුළු ලොව     බැබළෙන්නේ
ගස්වැල් සහිත වනයයි ඒ     දැනගන්නේ

ජීවිතය වනසන රැදුරැ වනසතුන්     මෙන්
වාතලය සිසිල් කර ලැබෙන     රුකවරණයෙන්
සාගරය සමග ගොඩ බිමේ ජල     තරංගෙන්
මිහිතලය රත් නොකර රකිනු පණනළ     ලෙසින්

මවක ඇකයේ හොවා දරැවා රකිනා     ලෙසේ
දුරක ඇත මිහිකතගේ සතුන් වසනා     කුසේ
මතක අමතක නොකර අපේ ජීවන     ගසේ
චිතක හදනට එපා පරිසරේ ඇති     රසේ

භාරතී ධීරපාලි කෝනාර
6 ශ්‍රේණිය,
අ/සිද්ධාර්ථ මහා විද්‍යාලය,
අනුරාධපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...