2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
වන සිරියෙන් පිරැණු මල් මහ වනය තුළ
පෙණ කැටි නළියනා ඒ දිය කඩිති ළඟ
මළ හිරැ රුසින් දිලිසෙන තුරැ වදුල යට
සිටියා අලි රුලක් දිය බොන විටින් විට
හැඩි දැඩි අලින් දිය බී ආපසු හැරැණා
පොඩි අලි පැටවු මවගේ තුරැලට වැදුණා
ඇහැරැණු අලින් ගස යට නින්දට වැටුණා
සමහර අලින් දිය බී කෙළියේ යෙදුණා
කොටියකු එතැයි ඇස් දෙක දිග පා බලතී
දළ ඇති අලින් ආඩම්බරයෙන් වෙසෙතී
මනරම් දසුන් මේ සැම නෙත් ඇද ගනිතී
වන සිරි වැඩි කරන්නට මේ සැම සමත් වෙතී
කසුන් මියුරංග තිලකිරත්න
12 ශ්‍රේණිය,
ආනන්ද විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |