2025 අප්‍රේල් මස 20 ප.ව. 02:34 - {{hitsCtrl.values.hits}}
මහ මුහුදෙන් වතුර අරන්
ඇළෙන් දොළෙන් වතුර අරන්
ඈත අහසෙ පාවී යන
වලාකුළක් මං
පාවීලා දුරක් ගිහින්
දරන්න බැරි වතුර ගොඩම
මහ වැස්සක් වෙලා වැටෙන
වලාකුළක් මං
හඳහාමිගෙ මුහුණ ඉඹින
දේදුන්නට රහස් කියන
පුංචි ළමයි හරිම ආස
වලාකුළක් මං
සරසි බොතේජු
2 ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය, හෝමාගම.
![]() |
diary Read more... |