වැවයි දාගැබයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:02 - {{hitsCtrl.values.hits}}  

වැව් දියවරයි මුළු ගම අද එළිය     කළේ
අස්වනු වගාවන් සුසාරව     වැඩුණේ
වැව් දියවර පොදයි මුළු ගම සතුටින්     තැබුවේ
වැව් දියවරයි ගමේම වස්තුව     වූයේ

වැව් දියවරට පින්වත් බව එකතු     කළේ
නිර්මල හදින් වැව් ඉවුරේ     බැබළෙන්නේ
වැවක් අසලමයි දාගැබ     පිහිටන්නේ
ගමටම ආලෝකයත් දාගැබ     වන්නේ

සිසිල් සුළඟ ඇඟ දැවටී     දඟලන්නේ
වැවයි දාගැබයි සමගයි එකතු     වුණේ
මුළු ලක්දිවට සුන්දර බව     අඟවමිනේ
ගම්මානය රටේ අභිමානය     වැන්නේ

සිල් සුවඳයි මල් සුවඳයි එකතු     වුණේ
ගම්මානය බොදු සුවඳින්     නහවන්නේ
සැම විට විපතෙදි මිතුරකු     වන්නේ
ගම්මානයෙ බොදු වස්තුව පන්සල     වන්නේ

අහිංසා නෙත්මිණි
9 ශ්‍රේණිය,
මාර/ තලල්ල උතුර මහා විද්‍යාලය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...