2025 අප්‍රේල් මස 20 ප.ව. 03:19 - {{hitsCtrl.values.hits}}
කුරැලු පැටවු අඬ අඬා කැදලිවලට පියඹනා
වැස්සක් එන ලකුණු කියා රුහැයි පැටවු නද දෙනා
අකුණු හඬත් ඇසෙනවා විදුලි එළිය පෙනෙනවා
හෙමින් හෙමින් හෙමින් හෙමින් සුළං සැරත් වැඩිවෙනා
වැහිපොද පොද වහිනවා මහ පොළොවට වැටෙනවා
හෙමින් හෙමින් හෙමින් හෙමින් සුළං සැරත් වැඩිවෙනා
මහ පාරේ ඇළ පාරේ කඩදහි ඔරැ පාවෙනා
වැස්සෙ වේගෙ අඩුවුණා කුරැලු පැටව් හිනැහුණා
ඉර මාමත් හෙමින් හෙමින් අහසට නැග හිනැහුණා
හත් පාටින් බැබළි බැබළි දේදුන්නක් පායනා
සඳුනි ආකර්ෂා
7 ශ්‍රේණිය,
ජිනරාජ බාලිකා මහා විද්‍යාලය, ගම්පොළ.
![]() |
diary Read more... |