වැස්සක අසිරිය

2025 ජනවාරි මස 10 පෙ.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

වැහිලිහිණින් රූන් රූන් පියඹා     යනවා
වැහි වලාව සෙමෙන් සෙමෙන් අහස     වහනවා
මහ සුළඟට ගස්වල අතු ඇඹරී     යනවා
මහ වැස්සක පෙර නිමිත්ත අපට     කියනවා

රන් පාටින් අහස පුරා විදුලි     කොටනවා
පරිසරයම බියකරැ කර අකුණු     හඬනවා
බිංදු බිංදු මහ පොළොවට වතුර     වැටෙනවා
මොර සූරන වැස්සක් අත ළඟයි     කියනවා

හෝ ගාමින් දිය දහරා ගලා     හැලෙනවා
පුංචි ළමයි කඩදහි ඔරැ පා කර     යනවා
වතුර පිරී වෙල්යායම මුහුදක්     වෙනවා
පුංචි අපට ඒ වතුරේ නටන්න     හිතෙනවා

අයෝධ්‍යා කුමාරි
8 ශ්‍රේණිය,
කුලි/සාරානාත් මහා විද්‍යාලය,
කුලියාපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...