වැස්ස

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  


හෝ හෝ ගාලා සුළඟ හමන්                     නේ
ලොකු ලොකු ගස් නැළවී යන්                   නේ
කළු වලා අහස පුරා පැතිරී යන්              නේ
සැලළිහිණියෝ ගුවන කරා පියඹා එන්      නේ

හෝ හෝ ගාලා වැස්ස වහින්                   නේ
චට පට ගාලා අකුණු කොටන්                 නේ
පොඩි පොඩි වළවල් පිරී ඉතිර යන්         නේ
ඩිංගෝ පැටවු එළියට එන්                      නේ

ටික ටික වැස්සක් අඩුකර යන්     නේ
ඇළ දොළ ගංගා පිරී යන්           නේ
කුරැලු නාද දසත ඇසෙන්           නේ
පරිසරයට ම එළිය වැටෙන්         නේ

ගමේ මිනිස්සු අගල් කපන්                නේ
දිය අගල්වලින් වතුර බසින්              නේ
ගමේ පිරී ඇති වතුර බසින්               නේ
ගමේ මිනිස්සු සතුටින් ජිවත් වෙන්     නේ

එම්.ජී.තෙපුල් නෙත්මුතු
10 වැනි ශ්‍රේණිය,
ගා/පී.ද.එස්.කුලරත්න මහා විද්‍යාලය,
අම්බලන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...