2025 ජනවාරි මස 09 පෙ.ව. 01:21 - {{hitsCtrl.values.hits}}
කළු පාටට වලාකුළක් ඈත පෙනෙනවා
විහඟ පැටවු කැදලි කරා පියඹා යනවා
රන් පාටට අහස පුරා විදුලි කොටනවා
වැස්සක් එනවයි කියමින් ගෙම්බෝ හඬනවා
බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා
කෙමෙන් කෙමෙන් වතුර බිඳුව වැස්සක් වෙනවා
පුංචි විලේ දණ්ඩි පැටවු සතුටෙ නටනවා
වැස්ස නිසා ගහකොළ වැල් පණක් ලබනවා
නදීෂා ලසන්ති
6 ශ්‍රේණිය,
මප/නු/ ව/ශ්‍රී සුමංගල ජාතික පාසල,
නිල්දණ්ඩාහින්න.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |