2025 පෙබරවාරි මස 23 පෙ.ව. 04:29 - {{hitsCtrl.values.hits}}
හෝ හෝ හෝ ගානවා
අකුණු සැරත් වදිනවා
අහසත් කළු කරනවා
වැස්සක් මේ ළඟ එනවා
වතුර බිංදු බිමට වැටෙයි
පොඩි ළමයින් සෙල්ලමටයි
අහස දිගේ අකුණුත් යයි
පුංචි ළමයි බියේ දුවයි
අපේ මිදුලෙ වතුර පිරෙයි
ගඟක් වගේ ගලා බසියි
කඩදහි ඔරැවක් දමලා
එය යන හැටි බලා සිටියි
ජයනි බණ්ඩාර
7 ශ්‍රේණිය,
කෑ/දෙහි/ඉඹුලාන ශ්‍රී සේවා මහා විද්‍යාලය, කෑගල්ල.
![]() |
diary Read more... |