වැස්ස

2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:21 - {{hitsCtrl.values.hits}}  

වැහිලිහිණියෝ රූන් පිටින් අහසට     එන්නේ
ගිරා පැටවු අම්මා එක්ක නිවසට     යන්නේ
අපේ අම්මා ඇඳුම් ටිකත් ගෙට     අරගන්නේ
මහ වැස්සක ලකුණු පෙනෙයි මේ     පරිසරයේ

ඉරහාමි හැංගී යයි මේ     අහස්තලේ
එළියෙන් අඳුරට පැමිණෙයි දැන් සැරෙන්     සැරේ
ගඟක් වගේ මිදුලේ වැහි වතුර     පිරෙන්නේ
අම්මාට හොරෙන් මිදුලට පැන වැස්සේ     නටන්නේ

සඳුනි සමන්මලි හේරත්
සරසවි උයන මහා විද්‍යාලය,
මහනුවර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...